ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් අද(13) දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි.
පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික යෝජනාවකට අනුව අදාල ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරිය සඳහන් කර සිටියි.
පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් 15 දෙනාගේ කණ්ඩායම දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇති අතර ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කිරිම සුදුසු නොවන බව මෙහිදී 15 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායමේ අදහසවී තිබේ.
ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සහභාගී නොවීමටද 15 කණ්ඩායම තීන්දුවක් ගෙන ඇති අතර ඒ සම්බන්ධවද ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද එකඟතාව ඇතිකරගෙන ඇත.

