ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් 20 වන සංශෝධන යෝජනාවට එකඟවන බවත් 20 වන සංශෝධනයෙන් රට බෙදෙනවා යයි ඒකාබද්ධ විපක්ෂය කියන ප්‍රකාශය පිළිගත නොහැකි බවත්, එය දේශපාලන ප්‍රචාරයක් පමණක් බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පවසයි.
කෙසේ වෙතත් කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනවාද යන්න ඉදිරියේදී නිල වශයෙන් ගතයුතු තීරණයක් බවද ඔහු කීය. 20 වන සංශෝධනයට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වුවද දේශපාලන උපක්‍රම වශයෙන් එයට එකඟ නොවීමේ සුළු ඉඩක් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යාවස්ථා සංශෝධන යෝජනාවට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වීමේ හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය. විධායක ජනාධිපති ක්‍රමය නිසා රට බෙදෙනවා යන්න බොරුවක් බවත්, එල්.ටී.ටී.ඊ.ය සමග සිවිල් යුද්ධය ඇරඹුණේ විධායක ජනාධිපති ක්‍රමය පැවති යුගයේදී බවත් ගුණසේකර මහතා පෙන්වා දුන්නේ ය.
අනිද්දා

