youtube බිඳවැටෙයි !

 youtube බිඳවැටෙයි !

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් වන youtube මේ වන විටත් බිඳ වැටීමකට ලක්ව ඇත.

ඒ අනුව මේ වන විට කිසිම ආකාරයකින් ඒ හරහා සම්බන්ධවීමට හැකියාවක් නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බොහෝ රටවල ජනතාව වෙනත් සමාජ මාධ්‍ය හරහා මෙම තත්වය තමන්ටද බලපා ඇති බවට වාර්තා කරමින් තිබෙන බවය.
කෙසේ වෙතත් එම සමාගම මෙතෙක් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා පෙන්වාදෙන්නේ මෙය හැකර්වරුන්ගේ ප්‍රබල ප්‍රහාරයක් විය හැකි බවයි.
ගූගල් හි අන්තර්ගත වෙනත් සමාජ මාධ්‍යවලටද මෙමගින් හානියක් සිදුවිය හැකිබවටද මාධ්‍ය වාර්තා පළවෙමින් තිබෙන අතර මේ වන විට ලෝකයෙම අවධානය මෙම සිදුවීම වෙත යොමුව ඇත.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න