'අහන්න' නව මුහුණුවරකින් පාසලට'

'අහන්න' නව මුහුණුවරකින් පාසලට'

තිස් වසරක යුද්ධයෙන් පසුව ජාතින් අතර සමඟිය, සංහිඳියාව ගොඩනගන ආකාරය පිළිබඳව විවිධ කතා පසුගිය කාලය පුරාවට අසන්නට ලැබුණි.

මේ වන විට සමඟිය සහ සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, සංහිදියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ කාර්‍යාලය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, එක්ව "අහන්න" වැඩසටහන ආරම්භ කර තිබේ.

"අහන්න" වැඩසටහන පසුගිය අගොස්තු මාසයේදී ආරම්භ වූ අතර එමගින් ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම සිදුවිය.

මෙම වැඩසටහනෙහි දෙවන අදියර පසුගිය 15 වනදා අරම්භ වූ අතර මෙවර මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය සමග අත්වැල් බැද ගනිමින් "අහන්න පාසලට" වැඩසටහන ලෙස ක්‍රියාත්මක වේ.

මෙම අදියරෙහි විශේෂත්වය වන්නේ පාසල් වෙත ගොස් සිසුන් දැණුවත් කිරීමයි. ළමුන්ගේ මනස හරියාකාරව නිවැරදි මගකට යොමු කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සාමය සහ සංහිඳියාව අනිවාර්ය කාරණයක් විය යුතුය. එහිදී පාසල් ළමුන් දැණුවත් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වන අතර එය රට වෙනුවෙන් කරනා ධනාත්මක ආයෝජනයක් වනු ඇත.

මෙවර මම වැඩසටහනෙහි තවත් සුවිශේෂී කාරනයක් වන්නේ කිලිනොච්චිය සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්න ප‍්‍රිය බන්දු මහතා ද මෙම වැඩසටහනෙහි සම්පත් දායකයෙකු වශයෙන් එක්වීමයි. මීට අමතරව සමාජ ක්‍රියාකාරීන්,සංහිදීයා යාන්ත්‍රණයට දායකත්වය ලබාදෙන නිළධාරීන් පිරිසක්ද පාසල් ළමුන් දැණුවත් කිරීම සදහා එක්ව සිටී.

[විමුක්ති දුෂාන්ත] [නිරෝශන් හර්ශන]

{gallery}ahanna{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න