කිසිදු ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් තමන්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සඳහනක් ජනාධිපතිවරයා විසින් සිදු කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.
ඊයේ(16) දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් පිළිබඳ සඳහන් කළ බවට දේශීය හා අන්තර්ජාතික වශයෙන් පළ වු මාධ්‍ය වාර්තා පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය අවධානය යොමු කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
කෙසේ වුවත් ද හින්දු පුවත්පතට අදාළ ප්‍රවෘත්තිය සම්පාදනය කල මාධ්‍යවේදිනිය සඳහන් කර සිටින්නේ තමන් අමාත්‍ය මණ්ඩලයේ ඇතුළු විශේෂ පාර්ශව කිහිපයක් වෙතින් මෙම පුවත තහවුරු කරගත් බවය. එසේම ජනාධිපති මාධ්‍ය අංශය ඇමතු අවස්ථාවේ ඊට අදාළව නිල දැනුවත්වීම ලබාගෙන ප්‍රතිචාර දක්වන බව සඳහන් කළත් පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් එකී ප්‍රතිචාර දැක්වීම නොලැබුණු බවද ඇය සඳහන්කර ඇත.


