කැනඩා රැකියා සිහින මවා මුදල් වංචා කළ සැකකරු දැලේ !

කැනඩා රැකියා සිහින මවා මුදල් වංචා කළ සැකකරු දැලේ !

කැනඩාවේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාලයේ පළකළ දැන්වීමකට අනුව රැකියා නියෝජිත ආයතනයකට අත්තිකාරම් මුදල් වශයෙන් ලක්ෂ 2ක මුදලක් ලබාදී අපේක්ෂිත පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් පුද්ගලයෙකු විසින් කාර්යාංශයට පැමිණිලි කරන ලද අතර, ඒ අනුව විමර්ශන නිළධාරීන් විසින් මෙම වැටලීම මෙහෙයවා තිබේ.

උපාය දූතයින් යොදවා මෙම විමර්ශනය සිදුකළ අතර උපාය දූතයින් කෑගල්ල ප්‍රෙද්ශයේ අදාළ රැකියා නියෝජිත ආයතනයට ගොස් මුදල් ගෙවීමට සූදානම් වන අවස්ථාවේදී එහි කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී. එහි තිබී ලිපි ලේඛන රැසක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. 

අදාළ රැකියා නියෝජිත ආයතනය කාර්යාංශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනයක් වන අතර කැනඩා රැකියා ලබාදීම සදහා කාර්යාංශය මගින් පුර්ව අනුමැතියක් ලබාගෙන නොමැත.

ඒ අනුව අදාළ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රහිමියාට හා එහි කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයාට එරෙහිව කාර්යාංශය මගින් නඩු පවරන ලද අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බලපත්‍ර හිමි කාන්තාවට වසරක සිර දඩුවමක් හා රු.50000.00 දඩයක් නියම කරන ලදී. රැකියා නියෝජිත ආයතනයේ කළමනාකරුට මාස 4ක සිරදඩුවම් හා රු.10000ක දඩයක් නියම කර තිබේ. 

එසේම පැමිණිලිකරුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 2ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට නියෝග කර තිබේ. විත්තිකරුවන් වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස 6 බැගින්වු සිර දඩුවම්ද නියම කර තිබේ.

කාර්යාංශය මගින් අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රයද අවලංගු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න