මේ ආණ්ඩුව යටතේ අධිකරණය ස්වාධීනයි - තලතා 

මේ ආණ්ඩුව යටතේ අධිකරණය ස්වාධීනයි - තලතා 

හිටපු අගවිනිසුරුතුමියව පැය 24 න් ගෙදර යවපු රාජපක්ෂ පාලන සමයේ මෙන් වත්මන් ආණ්ඩුව  අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට අතක් වත් නොතබන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.
අමාත්‍යවරිය  මෙම අදහස් පළ කළේ රත්නපුර නිවිතිගල අටල්ල සිට කිරිබත්ගල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ සදහන් කළාය.

අපි සංවර්ධනය කරන්නේ බලයේ ඉන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි. අපි බලය නෙමෙයි  ඕනම දෙයක් අත හරින්න සුදානම්. අපි කාගෙවත් අයිතිය නැති කරන්න දිනුවායින් පස්සේ විරුද්ධවාදීන්ගේ දේපළ විනාශ කරන්න සුදානම් නැහැ. ඒවා කරපු අය අද අපිට විවිධ චෝදනා එල්ල කරනවා.මේ ආණ්ඩුව හොද නැත්නම් ආයේ මැතිවරණයක් 2020 තියෙනවා තමුන්නාන්සේලාට කැමති තීරණයක් ගන්න පුළුවන් එතකල් මේවාට සංවර්ධන වැඩ ගේන්නේ අපි.එදා පොහොට්ටුවට කල්ලියකට ඡන්දය දෙන්න එපා කියලා එයාලට සල්ලි නැහැ කියලා අපි කිවුවා .ඒත් දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයල ආණ්ඩුව පෙරළන්න කිහිප වතාවක් උත්සාහ කළා. පෙබරවාරි 10 පොහොට්ටුව දිනුවාට පස්සේ ආණ්ඩුව ඒ ගොල්ලන්ගේ කිවුවා.

අද ඒ ගොල්ලන්ට අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුව පුළුවන් නම් ගන්නකෝ කියලා.සැප්තැම්බර් 05 වැනිදා මේ රටේ මිනිස්සුන්ව බත් පැකට් එකට යට කරලා බොන්න දීලා කොළඹ ගෙනිහිල්ලා පාරවල්වල අතරමං කරලා ආව විදිහ ඔය ගොල්ලෝ දැක්කා.බීමත්කම කොච්චරද කිවුවොත් ලොකු ලයිට් කණුවල එල්ලිලා හිටපු හැටිත් දකින්න ඇති.තාමත් ඒ යන්නේ පරණ සින්දුව කාටද මේ වැඩේ කරන්නේ.අපේ  රජයේ අපේක්ෂාව සහනාධාර වලින් ජීවත් වන ක්‍රමය වෙනස් කරන්න .

මේ ආණ්ඩුව බොරු කියලා ජනතාව රවට්ටන්නේ නෑ !

1995 පටන් අර ගෙන අවුරුදු 23 ක් වෙනවා.තාමත් සමෘද්ධිය දෙනවා.ඡන්දයක් එනකොට මොකක් හරි මල්ලක් දීලා මිනිස්සුන්ව රවට්ටනවා.අපි එහෙම මිනිස්සු රවට්ටන්නේ .අද මංගල සමරවීර මුදල් ඇමතිතුමා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා ණය ක්‍රමයක් හදුන්වා දිලා තියෙනවා.පොලියෙන් සීයට 50 ක් ගෙවන්නේ අපි.සමහර දේවල්වල සීයයට බිංදුවයි පොළිය.විවිධ ණය ක්‍රම තියෙනවා.අද දුප්පත් කමින් මිදෙන්න ක්‍රම හදලා තියෙනවා.එදා නාස්තිය දූෂණය එක සුළු පිරිසක් පමණක් හැදුනා.අද එහෙම නැහැ.ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් නැගී සිටින්න ක්‍රම අපි හදලා තියෙනවා.1948 වෙන කොට අපි ඉදිරියෙන් හිටපු රටක්.එන්න එන්නම අපි ආපස්සට ගිහිල්ලා.මේකට සමහර අය වගකියන්න ඕන .අපි අවුරුදු 17 ක් රට හැදුවා .උන් අවුරුදු 20 ක් රට කෑවා.කරපු එක දෙයක් කියන්න අපිට බය නැතිව කියන්න පුළුවන් .එක ව්‍යාපෘතියක් වෙනුවෙන් ලක්ෂ විසි පන්දාහක් රත්නපුරේට ගෙනාවේ මම.පසුගිය වසර 20 මොකක් ද හදපු නිවාස ව්‍යාපෘතිය.අද රටක් හැයටියට අපි ඉස්සරහට යනවා.හැබැයි අපේ පෝස්ටර් නැහැ .ලක්ෂ 5000 කට වඩා වැඩි පාලම් සදහා ව්‍යාපෘති මේ නිවිතිගල ආසනයට අපි ගෙනත් තියෙනවා.අපි වැඩ කරලා තියෙනවා.මොන චෝදනා කළත් අද නිදහසේ ජීවත් වෙනවා .එය අකුරට ආරක්ෂා කිරීමේ අයිතිය පොලීසියට බාරදීලා තියෙනවා.

අද අධිකරණය ස්වාධීනයි !

අපි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරලා තියෙනවා.පොහොට්ටුව කියන්නේ කුහකකම් වෛරයේ ඊර්ෂ්‍යාවේ උප්පත්තිය .කාලාබීලා සන්තෝෂයෙන් ඉන්න ජාතියක් ජීවිතේට පොහොට්ටුවට කතිරය ගහන්නේ නැහැ.යන්නේ පවුලක් රජ කරවන්න ලැබෙන දෙයක් නැහැ.2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ මහත්තයා කැමැත්තෙන් තියපු ඡන්දයක් නෙමෙයි .මේක එතුමාට ඡන්දය තියන්න සිද්ධ වුණා.අපිට තිබුණු ජාත්‍යන්තර ආධාර ජාත්‍යන්තර සබදතා සියල්ල නැති වෙලා තිබුණා.රාජපක්ෂ පවුලේ කවුරුවත් හදිස්සි වෙන්න ඕන නැහැ අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා .ජනාධිපතිතුමා තාම ඉන්නවා අපේ අපේක්ෂකයා අපි වෙලාවට කියන්නම්.සමහර අය කියනවා පළාත් සභා ඡන්දය තියන්නේ නැත්තේ අපි බයේලු.ඒ ගොල්ලෝ තමයි මේ කඩ කඩ ඡන්ද තියන්න පටන් ගත්තේ .මුළු රටේම තියෙන පළාත් සභා ටික අවම මුදලක් වැය කරලා එකම දවසේ තියනවා.

පොහොට්ටුව ජනතා ප්‍රේමය නිසා පාලම් කඩන්න අරගෙන !

මැතිවරණ ස්වාධීනව පැවැත්වීමේ අයිතිය අපි ඇති කරලා තියෙනවා. පසුගියදා ගබ්බෙල පාලම අපි විවෘත කළා. පහුවදා ඒකේ පලකය ගලවලා දාලා ඒකෙන්ම කුහකකම පේනවා.පලක ගැලෙව්වා කියලා වැඩක් නැහැ ජනතාව දන්නවා කළේ කවුද කියලා අපි වැඩ කරනවා තමුන්නාන්සේලා මේ ආණ්ඩුව හොද නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු දවසට ප්‍රජාතන්ත්‍රවාදිව අපි යනවා .බලය කියන එක තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් හැබැයි අපි බලය ලබා ගන්න මිනිස්සු නොමග යවන්න බඩු බෙදන්න කටයුතු කරන්නේ නැති බව ද අමාත්‍යවරිය පැවසුවාය.

මහින්දගේ කාලේ පොහොසත් වුණ අයගේ කෙරුවාව !

ඉස්සර උත්සවයක් තියෙනවා නම් හට් එක ගේන්නේ කොළඹින්.ලක්ෂ 15 කට මෙහෙන් ගන්න පුළුවන් හට් එකට ලක්ෂ 75 ක් ගෙවනවා එහෙන් ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන්.ඒකට හැදිච්ච පිරිසක් හිටියා ඔයගොල්ලන්ට මතක ඇති ලොකු බෝඩ් ගැහුවා හැමතැනම.බොඩ් ගහන්න පිරිසක් හිටියා.ලක්ෂ දෙකෙන් තුනෙන් ගහන්න පුළුවන් බෝඩ් එකට ලක්ෂ 50 ක් හැටක් ගියා.ඒ ගහපු අය මහ ධනවත් ව්‍යාපාරිකයෝ බවට පත් වුණා.රාජපක්ෂ රෙජිමය තුළ රෙජිමයට පිං සිද්ධ වෙන්න .මේ ඊයේ පෙරේදා මහින්ද රාජපක්ෂ මහත්තයා රත්නපුරයට ඇවිත් කියලා තියෙනවා අධිකරණ ඇමතිතුමිය නීතිපති ගෙනල්ලා උපදෙස් දීලා නීතිපති ගිහිං අගවිනිසුරුතුමා එක්ක කතා කරලා නඩු පවරන්න කටයුතු කරනවා කියලා.හිටපු ජනාධිපතිතුමාට මතක නැහැ අධිකරණ අමාත්‍යාංශය යටතේ තිබුණු ස්වාධීන ආයතනයක් නීතිපති දෙපාර්තමේන්තුව.රජයේ කටයුතු වෙනුවෙන් පොලිසිය වෙනුවෙන් වෙනත් ආයතන වෙනුවෙන් නඩු පවරන්න හා රජයට උපදෙස් දෙන්න තියෙන්නේ නීතිපතිතුමාට.මහින්ද රාජපක්ෂ මහත්තයා එයාගේ කාලයේ නීතිපති දෙපාර්තමේන්තුව එයා යටතේ තියා ගෙන හිටියා.අද මගේ අමාත්‍යාංශය යටතේ තියෙන්නේ .නීතිපතිතුමා මාත් එක්ක සාකච්ඡා කරන්න ඕන.එදා ඒ අය ශිරාණි බන්ඩාරනායක හිටපු අගවිනිසුරුතුමියව පැය 24 න් ගෙදර යවපු හැටියට අද අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට අත තියන්නේ නැහැ.අද කිසි කෙනෙකුට බලපෑමක් කරන්න දෙන්නේ නැති බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න