මහනුවරදී මන්ත‍්‍රීවරුන් සිවු දෙනෙකු තමන්ව විවේචනය කරද්දී මහින්ද රාජපක්‍ෂ මහතාද එම වේදිකාවේ සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම සදහන් කරයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියේ මතුගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ තමන් කිසිවෙකුගේ වහලෙකු නොවන බවත් මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ජ්‍යෙෂ්ඨත්වය අනුව පවුලෙන් පිට පුද්ගලයෙකුට දිය යුතු බවත්ය.
එසේම ජනාධිපති අපේක්‍ෂකත්වය පවුලටම උරුම වූ දෙයක් නොවන බවත් එය පවුලෙන් පිට වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට දීම වඩාත් සුදුසු බවත් මන්ත‍්‍රීවරයා පවසා ඇත.
කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, දිළුම් අමුණුගම යන මන්ත‍්‍රීවරුන් විසින් එල්ල කරන ලද විවේචනයන් සම්බන්දයෙන්ද ඔහු එහිදී දැඩි ලෙස විවේචනය කර සිටියේය.
එහිදී යහපාලන ආණ්ඩුව පිහිටුවීම ගැන තීන්දු කළ මධ්‍යම කාරකසභා හමුවේදී සිරිසේන මහතා UNP සමඟ යන්නට කතා කල අවස්ථාවේ මහින්දානන්ද බිම බලාගෙන සිටියේ ඇයි කියා තමන් ප්‍රශ්න කරන බවද පවසා තිබේ. එසේම එදා මහින්දානන්දට පිට කොන්දක් තිබුණා නම් තමන් ප්‍රකාශ කළ ආකාරයට නෑ මම යන්නේ නෑ කියා කියන්නට හැකියාවක් තිබූ බවත් පවසා ඇත.
වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර තිබේ.
"මහින්දානන්දට පිට කොන්දක් තිබුණා නම් එදා නුගේගොඩ රැළියට නාවේ ඇයි ? ඊළඟට නුවර තිබුණ මහින්දා සුළඟටත් එතුමා පැත්ත පළාතක ගියේ නෑ. නැග්ගේ දිලුම් අමුණුගම විතරයි.
එසේම ටයිකෝට් දාගෙන කතාකරන තමන් වැරදී කියන මන්ත්‍රීවරයෙකු සිටින බවත් නමුත් ඔහු දින සීයේ ආණ්ඩුව හදන අවස්ථාවේ ඇමතිකමක් ඉල්ලගෙන ගොස් රනිල් වික්‍රමසිංහ ළඟ දන ගැසූ බවත් වෙල්ගම මන්ත්‍රීවරයා පවසා ඇත. එමෙන්ම ලොහාන් කියන්නේ අතේ ලේ තවරාගත් අයෙකු ලෙසද වෙල්ගම මන්ත්‍රීවරයා විසින් එහිදී හඳුන්වනු ලැබිණ.

