2019 අයවැයට : කංසා නීතිගත කරන යෝජනාවක් !

2019 අයවැයට : කංසා නීතිගත කරන යෝජනාවක් !

2019  වසරේ රාජ්‍ය අයවැය සදහා ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ යෝජනා මාලාවක්  නිකුත්කර ඇති අතර  එහි "අය"  යෝජනා සියල්ලම කංසා නීතිගත කිරීම මත පදනම් ව තිබේ.

මෙසේ මුළුමනින්ම කංසා සම්බන්ධව යෝජනා ඇතුළත් අයවැය යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව කරුණු පැහැදිළි කරමින් එම පක්ෂය සඳහන් කරන්නේ  කංසා නීතිගත කිරීමෙන් රජයට අත්වන ආර්ථික වාසි පහදා දීමේ අරමුණ ඇතිව මෙය ඉදිරිපත් කරන බවය.

එසේම  "වැය" යෝජනා අධ්‍යාපන, සංචාරක, කලා, විනෝදාත්මක, සන්නිවේදන,  තැපැල්, ආහාරපාන, සෞඛ්‍ය සහ කෘෂිකාර්මික යන විෂයයන් ආවරණය කොට ඇත.
අය

පුද්ගලික පරිහරණයට කංසා භාවිතය නීතිගත කොට ඖෂධීය කංසා වගා කිරීම සහ රජයේ ඔසුසැල්වල අලෙවි කිරීම.

උසස් තත්වයේ කංසා යොදාගෙන නිපදවන ආහාරපාන, රූපලාවණ්‍ය ආලේපන හා ඖෂධ නිෂ්පාදනයන්ට වගා සහ අපනයන බලපත‍්‍ර නිකුත් කිරීම.

කර්මාන්තමය කංසා වගාව නීතිගත කිරීම මගින් රෙදිපිළි, කඩදාසි හා කෘත‍්‍රිම දැව නිෂ්පාදනයට කර්මාන්ත ශාලා පිහිටු වීම.

කංසාවලින් ජෛව කොන්ක‍්‍රීට්, ජෛව ඉන්ධන හා ජෛව ප්ලාස්ටික් නිෂ්පාදනය කරන දෙස් විදෙස් සමාගම්වලට යටිතල පහසුකම් හා බදු සහන ලබාදීම.
වැය

පාසල්වල භෞතික හා මානව සම්පත් වැඩිදියුණු කිරීම සහ ඉංග‍්‍රීසි හා තාක්ෂණ දැනම වර්ධනය කිරීමට නව වැඩසටහන් හදුන්වා දීම.

සංචාරක කලාප ආවරණය වන පරිදි සෑම දිස්ත‍්‍රික්යකම ගිමන්හලක්, නවාතැන්පලක් සහ කලාගාරයක් සහිත සංස්කෘතික හා කලා නිකේතන පිහිටුවීම
අන්තර්ජාල සේවා සපයන සන්නිවේදන මධ්‍යස්ථාන ලෙස තැපැල් ස්ථාන වැඩි දියුණු කිරීම සහ තැපැල්පත් බෙදාහරින්නන්ට කුඩා විදුලි වාහන ලබා දීම.

කාබනික පොහොර, ස්භාවික කෘමිනාශක නිෂ්පාදන ආයතනයක් පිහිටුවීම සහ වසවිස තොර ගොවිතැනට අවශ්‍ය තාක්ෂණ හා මූල්‍ය සහාය ලබාදීම.
ශ්‍රී  ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ  අයවැය යෝජනා මාලාව පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න