ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වෙයි.
එසේම ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ , ජනාධිපතිවරයා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව යන බැංකු වලද අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරිමට නියෝග කර ඇති බවයි. .
ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවටද මාධ්‍ය වාර්තා පළවේ.
සුජීවට ආණ්ඩුවෙන්ම විරෝධයක් !
මේ අතර සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම ඉතාම ළාමක බවත් මහා පරිමාණ ව්‍යාපෘතියක් සම්බන්ධව කටයුතු කිරීමේදී සිය හිතවතුන් අතරමැදියන් ලෙස යොදාගෙන තිබෙන්නේ ඒ නිසා බව සඳහන් කරමින් ආණ්ඩුව අභ්‍යන්තරයේම ඔහුට විරුද්ධව සාකච්ඡා මතුවෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට එල්ලවී ඇති චෝදනා කෙසේ වෙතත් මේ වන විටත් මාධ්‍ය වෙත නිකුත්කර තිබෙන වීඩියෝ පටයට අදාළව ආණ්ඩුව අභ්‍යන්තරයේ මැති ඇමතිවරුන් ගණනාවක් මේ සම්බන්ධව එකිනෙකා අදහස් හුවමාරු කරගෙන ඇත. එසේම එහිදී බැඳුම්කර ගනුදෙනුව තුළද සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකළාපය හේතුවෙන් ආණ්ඩුව දුෂ්කරතාවට පත්වූ බවද සිහිකරමින් එම කතා බහ සිදුව තිබෙන බවද දැනගන්නට ඇත.
මෙහිදී කිසිඳු අමාත්‍යවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ සහයට ඉදිරිපත්ව නොමැති බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාද සුජීවගේ වැඩ නිසා අමාරුවේ වැටීමේ අවධානමක් ඇති බැවින් ඒ පිළිබඳ මලික් අමාත්‍යවරයාව පෞද්ගලිකව දැනුවත් කිරීමටද පිරිස කතාබහ වී ඇති බවත් වාර්තා වෙයි.

