ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධව කරුණු දැක්වීම සඳහා ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (18) උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.
ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ දෙවැනි වරටත් කරන ලද දැනුම් දීම අනුවය. පසුගිය 16 වැනිදා ද රහස් පොලිසියට කැඳවනු ලැබුවත් දරුවකුට අසනීප බව කියමින් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේ නැත.
එහි මිනීමැරුම් විමර්ශන අංශය මේ වන විට නාලක සිල්වා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවද වාර්තා වෙයි.
ඒ අනුව කුරුඳුරුවත්ත පොලිසිය මගින් ඒ මහතාට දෙවැනි වරටත් කැඳවිම් යැවීමට රහස් පොලිසිය කටයුතු කර තිබිණි.

