ජොනීට දුන්න තීන්දුවට එරෙහිව ළඟදීම අභියාචනයක් ! 

ජොනීට දුන්න තීන්දුවට එරෙහිව ළඟදීම අභියාචනයක් ! 

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ළඟදීම අභියාචනයක් ගොනු කරන බව නීතිපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට පවරා ඇති නඩුව  ඊයේ  (17) විභාගයට ගත් අවස්ථාවේදී  විත්තියේ සාක්කි නොකැඳවාම මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට  කුරුණෑගල මහාධිකරණ විනිසුරු  මේනකා විජේසුන්දර මහත්මිය  නියෝග කරනු ලැබිණ.

ඒ අනුව ජොන්සටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් , සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා මෙසේ නිදහස් කෙරිණි.  

වයඹ  පළාත් සභා මැතිවරණයේදී  සතොස මුදල් අවභාවිත කළැයි මොවුන්ට චොදනා එල්ලවී තිබු අතර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමටද මීට පෙර නඩු විභායේදී  අධිකරණයෙන් නියෝග කර තිබිණි.  

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රිමාන්ඩ් බාරයේ සිටියදී ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨධිකරණය හමුවේ ගොනු කරන තිබෙන ප්‍රතිශෝධන පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමට කටයුතු කරන බව ඒ මහතා ගේ නීතීඥවරයාද  පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න