තරුණ හුවමාරුවේ බංග්ලාදේශ දූතයන් : සාගල හමුවේ !

තරුණ හුවමාරුවේ බංග්ලාදේශ දූතයන් : සාගල හමුවේ !

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරුණ හුවමාරු වැඩසහන යටතේ මෙරටට පැමිණ සිටින බංග්ලාදේශ තරුණ පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක හමුව ඇත.

පසුගියදා අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති අතර ඩකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම තරුණ පිරිසේ සෙසු සාමාජිකයන්ද එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන අතර දෙරටේ තරුණ කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිලිබඳ අමාත්‍යවරයා සමඟ මෙහිදී  සුහඳ සාකච්ජාවක් පැවැත්වීය. 

අමාත්‍යයවරයා විසින් සිය තරුණ කටයුතු අමාත්‍යංශය යටතේ මෙරට තරුණ පරපුර නිවැරදි දිශානතියකට යොමුකරගැනීමට සිදුකරමින් පවතින ක්‍රියාමාර්ග පිලිබඳ කෙටි හැඳින්වීමක්ද එහිදී සිදුකෙරිණි. එම කණ්ඩායම දෙසතියක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිලිබඳ අධ්‍යනය කිරීම් සහ මෙරට වැදගත් ස්ථාන නිරික්ෂණයට සහභාගිවූ බවත් එහිදී ශ්‍රී ලාංකිකයන් ගෙන් ලද සත්කාර පිලිබඳ තම කණ්ඩායම ඉතාමත් සතුටට පත්වන බවද ඔවුහු අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් සඳහන් කළහ.

C 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න