හෙට්ටු කළ හැමෝම මට්ටු කළ : ඉන්ධන මිල සූත්‍රය මෙන්න !

හෙට්ටු කළ හැමෝම මට්ටු කළ : ඉන්ධන මිල සූත්‍රය මෙන්න !

ඉන්ධන සදහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී පදනම් කරගන්නා සමීකරණය  (18) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් හදුන්වාදී තිබේ.  

මුදල් අමාත්‍යාංශයේ පැවැත්වූ  මාධ්‍ය හමුවකදී මෙම හදුන්වාදීම සිදුකර ඇති අතර එහිදී  සෑම මසකම 10 වැනිදා මිල සූත්‍රය අනුව වෙළඳපලේ ඉන්ධන මිල සංශෝධනය වීම සිදුවන අතර ප්‍රධාන දර්ශක 4ක් සැලකිල්ලට ගනිමින් උපරිම සිල්ලර මිල තීරණය කෙරෙන බවද අමාත්‍යවරයා අනාවරණය කර සිටියේය.

ඒ අනුව වරායේ ගොඩබාන පිරිවැය, සැකසීමේ පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය යන කරුණු 4 පදනම් කරගනිමින් මිල සූත්‍රය සකස් කෙරෙන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මේ දිනවල ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 5කින් පමණ පහත බැස ඇති අතර මෙම ප්‍රවණතාව ඉදිරියටත් පැවතුණහොත් මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල අඩුවීමේ හැකියාව පවතින බව අද පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

ඉන්ධන මිල සුත්‍රය පදනම් කර ගන්නා ආකාරය පහතින් දැක්වෙයි.

Image 1
 
Image 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න