පොහොට්ටු ප්‍රහාරයෙන් කෙසෙල් ඇවරියක් රෝහලේ !

පොහොට්ටු ප්‍රහාරයෙන් කෙසෙල් ඇවරියක් රෝහලේ !

ඉමදුව ප්‍රාදේශීය සභාවේ  සභා ගර්භය තුළදී සිදු වු පහර දීමක් හේතුවෙන්  එක්සත් ජාතික නිදහස් පෙරමුණේ (කෙසෙල් ඇවරිය) ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජී. අරුණ ඊයේ  (18) රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඉමදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම එහි සභාපති ඒ.වී.සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර සභාව ආරම්භ වී සුළු වෙලාවකින් එක්සත් ජාතික පෙරමුණේ ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා සභාපතිවරයාගේ අනුරුව සහිත පඹයෙකු සමඟින් සභාවට පැමිණ තිබේ. එහිදී මන්ත්‍රීවරයාගේ එම ක්‍රියාවට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය දක්වා ඇත.

මෙහි දී සභාපතිවරයා සභාව විනාඩි 10 කට කල් තැබු අතර ඒ සමඟින් සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇත. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අරුණ මන්ත්‍රීවරයාට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔහුව සභාවෙන් ඉවත් කිරීමට සහ පහරදී ඇති අතර එහිදී පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා ඇද වැටී ඇති බවද වාර්තා වෙයි.

අනතුරුව  කෙසෙල් ඇවරිය පක්ෂයේ ප්‍රධානියා වන මෛත්‍රී ගුණරත්නගේ වෛරයට පාත්‍රවූ  1990 ගිලන් රථ සේවය මඟින් ඉමදුව රෝහලට ඇතුළත් කල අරුණ මන්ත්‍රීවරයා පසුව  වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරලු බවද දැනගන්නට ඇත.

එසේම එම පක්ෂයේ කිසිවෙකු මෙතෙක් අදාළ මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීමටවත් පැමිණ නැති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න