මාධ්‍ය නැඟු ප්‍රශ්න හමුවේ මහින්ද පැන යයි (වීඩියෝ)

මාධ්‍ය නැඟු ප්‍රශ්න හමුවේ මහින්ද පැන යයි (වීඩියෝ)

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (18) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ පිළිතුරු ලබාදීමට නොහැකිවූ මහින්ද රාජපක්ෂ මහතා එම මාධ්‍ය හමුවෙන් නැගිට ඉවත්ව ගිය බව වාර්තා වෙයි.

සතොස වංචා නඩුවට අදාළව පසුගියදා ආන්දෝලනාත්මක අධිකරණ තීන්දුවක් හරහා  කුරුණෑගල අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මේ මාධ්‍ය හමුවේ ප්‍රධාන අසුන් ගෙන සිටියහ.

එහිදී  ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් හිටපු ජනාධිපති මහින්දව ඝාතනය කිරීමට දැරූ ප්‍රයත්නය, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කිරීම, එවකට රාජපක්ෂ පාලන සමයේ අධිකරණයේ පැවති ස්වාධීනත්වය සහ වර්තමානයේ අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධව එහිදී දිගින් දිගටම ප්‍රශ්න කෙරුණු අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා එම මාධ්‍ය හමුව වේලාසන අවසන්කර නැගිට ගියේය.

එසේම එම ප්‍රශ්න කිරීම් හමුවේ වත්මන් ආණ්ඩුව යටතේ අධිකරණ පද්ධතිය ස්වාධීන බවද පිළිගැනීමට හිටපු ජනාධිපති මහින්දට සිදුවීමද සුවිශේෂී විය. 

මෙතෙක් කළක් හිටපු ජනාධිපති මහින්දට අවශ්‍ය ආකාරයට ප්‍රශ්න යොමුකළ මාධ්‍යවේදීන් යැයි සිතා සිටින බොහෝ දෙනෙකු මේ හමුවේ කණගාටු වී ඇති අතර ඔවුන් හිටපු ජනාධිපතිව ප්‍රශ්න කළ මාධ්‍යවේදියාට දෙස් තබමින් ගොස් ඇත්තේ මුන් නිසා අපිට කන්නත් නැති වන බව පවසමින් බවද වාර්තා වෙයි.

එසේම නිවැරදිව මාධ්‍ය භුමිකාවේ නිරතවෙමින් මාධ්‍ය නිදහස සුරක්ෂිත කල  ආණ්ඩුවෙන්  අසන සෘජු ප්‍රශ්න විපක්ෂයෙන්ද අසනවා නම් රාජපක්ෂ රෙජීමයේ සැබෑව නියම ලෙස ජනතාවට දැනගන්නට ලැබෙන අවස්ථාවක් ලෙස සමහර මාධ්‍යවේදීන් එම අවස්ථාව හඳුන්වා තිබීමද සඳහන් කළ යුතුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න