එදා එජාපය අද නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක කතාවක් !

එදා එජාපය අද නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක කතාවක් !

2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් - ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජාපය එහි නැති බව තේරුනේ පසුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.  

දිවංගත අග්‍රාමාත්‍ය  ඩී.එස්. සේනානායකගේ ගුණ සැමරුම් උලෙලක් අමතමින් ඊයේ (22) ජනාධිපතිවරයා මේ බව සඳහන්කර ඇත.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.   ‘‘පොළොන්නරුවේ පොසොන් කාලයට දන්සැල් අතර දීර්ඝ කාලයක සිට තරගයක් තිබෙනවා. එහි එක් දන්සලක් එක්සත් ජාතික පාක්ෂිකයින් සංවිධානය කරන සේනානායක සන්සැල. අනිත් දන්සැල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සංවිධානය කරන බණ්ඩාරනායක දන්සැල. වැඩි පිරිසකට කන්න දීම සඳහා මේ දන්සල් දෙක අතර හැමදාම තරගයක් තිබුණා.

ඩී එස් සේනානායක මහතා අභාවප්‍රාප්ත වූ කාලයේ සිට සේනානායක දන්සැලත් බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත වූ කාලයේසිට බණ්ඩාරනායක දන්සැලත් පනහේ දශකයේ සිට පවත්වාගෙන ඇවිත් තිබෙනවා. මේවා පරම්පරා ගණනක දන්සැල් දෙකක්.

මීට වසර දහයකට පමණ කලින් 2007-2008 කාලයෙදි සේනානායක දන්සැල වැහුණා. ඒ සංවිධායක මණ්ඩලයට හරිහැටි කරකියා ගන්න බැරි වූ නිසයි.

මම පොදු අපේකෂකයෙක් වෙලා එක්සත් ජාතික පක්ෂය හා සන්ධාන ගත වෙලා ජනාධිපති කෙනෙක් වෙයි කියලා එම කාලයේ මගේ කිසි තැනක සිහිනයක්වත් තිබුණේ නැහැ. නමුත් සේනානායක දන්සැල සම්පූර්ණයෙන් වැහුවට පස්සේ බණ්ඩාරනායක දන්සැල කරන මගේ මිත්‍රයන්ට කිව්වා අපි කළගුණ සළකන්න දැනගන්න ඒනෑ, එජාපයේ අයට කරගන්න බැරිව සේනානායක දන්සැල වැහුවා, එම නිසා අපි මේ දන්සැලට බණ්ඩාරනායක සේනානායක දන්සැල කියලා නම දාලා පවත්වමු කියලා.

2007 සිට ඒ දන්සැල තවම තිබෙනවා. පසුගිය පොසොන් පොහොයටත් දානය දුන්නා. ලබන පොසොන් පොහොයටත් දෙනවා. බණ්ඩාරනායක-සේනානායක කියන නම යටතේ නායකයෝ දෙන්ගෙන ෆොටෝ දෙක ගහලා තියෙනවා.

මම මේ කතාව කිව්වේ පොදු අපේකෂකයා විදියට 2004 නොවැම්බර්මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන්එළියට ඇවිල්ලා ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගත වෙනකොට මම හිතාගෙන හිටියේ ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා.

(සභාවේ අත්පොලසන්)

නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුනේ.  ‘‘ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න