බුකී සහ ඔට්ටු ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇතිවී තිබෙන දූෂණය සහ වංචාව තුරන් කිරීමට තම පූර්ණ සහාය ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කළ බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර පසුගිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අවස්ථාව තමන්ට උදා වූ බවද පවසා ඇත.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉන්දීය සංචාරය අතරතුරදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය සහ වංචාව තුරන් කිරීමට ඉන්දීය සහාය ලබා ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු වූ බවත් ඒ අනුව තමන් ඉන්දීය අගමැතිතුමාගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක්ද කළ බවයි.
ඒ අනුව මෝදි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ අරුන් ජෙට්ලි (Arun Jaitley) සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය ගැනද දීර්ඝව සාකච්ඡා කරන්නට ලැබුන බවත් ඉන්දියාවේ තිබේන සී. බී. අයි ( Central Bureau of Investigation - CBI ) ආයතනය විසින් එරට වු තරග පාවා දීම් බොහොමයක් අනාවරණය කර ගත් අතර ඒ අනුව වැරදිකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකිවූ ආකාරයද දැනකියා ගන්නට ලැබුණ බවද අමාත්‍යවරයා පැවසීය.

