මෛත්‍රීට එරෙහිව නඩුවක් !

මෛත්‍රීට එරෙහිව නඩුවක් !

මෛත්‍රී ගුණරත්න මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් ඊයේ  (22) කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.

ඒ මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ සමාගමකින් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා  මුදල් ලබාගත් බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි.

නඩුව ගොනුකරමින් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය හේතුවෙන්  තමන්ගේ කීර්තිනාමයට සිදුවූ අපහාසය සහ තමාට සිදුවූ මානසිංක හිංසනය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන්නට නියම කරන ලෙසය.

එක්සත් ජාතික නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා සහ පෞද්ගලික සමාගමක් එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

ඉකුත් ජුනි 09 වනදා පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් ඔස්සේ මෛත්‍රී ගුණරත්න මහතාගේ හඬපටයක් විකාශය කෙරුණු බවත් එයින් තමන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගමකින් මුදල් ලබාගත් බවට චෝදනා කර ඇති බවත් පවසන පැමිණිලිකාර නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා එම ප්‍රචාරය මුළුමනින් ම අසත්‍යයක් බවත් පවසයි.

විත්තිකාර මෛත්‍රී ගුණරත්න මහතා එම ප්‍රකාශය හරහා තමන් ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගන්නා පුද්ගලයකු ලෙස ජනතාව ඉදිරියේ ප්‍රතිරූපයක් ගොඩනැංවීමට උත්සාහ දරන බවට නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා චෝදනා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න