ගෝඨා රනිල් හමුවෙයි :  සිරිසේන අපිව රැවට්ටුවා - අයියා ඉල්ලා අස්වෙන්න සූදානම් ! 

ගෝඨා රනිල් හමුවෙයි :  සිරිසේන අපිව රැවට්ටුවා - අයියා ඉල්ලා අස්වෙන්න සූදානම් ! 

ජනාධිපතිවරයා තමන්ට 113 ක  පාර්ලිමේන්තු මන්ත්‍රී  බහුතරය ඇති බව පවසමින් අගමැති ධූරය භාරගන්නා ලෙස පවසා මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති සිරිසේන මුළාවේ දැමූ බවත් නමුත් මේ වන විට එවැනි පසුබිමක් නොමැති බැවින් උද්ගතව තිබෙන ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නට තම පාර්ශවය සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මීට සුළු මොහොතකට පෙර (01) අරලියගහ මන්දිරයට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මෙම ගමන පැමිණි බවය.

එසේම ජනාධිපති සිරිසේන අගමැති වන ලෙස ආරාධනා කළ බැවින් මහින්ද මහතා  එම ධූරය භාරගත් බවත් නමුත් මේ වන විට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ තබා තමන් සමඟ සිටි පාර්ශවයවත් රැකගන්නට නොහැකිවී ඇති බවද ගෝඨාභය මහතා එහිදී පවසා ඇත. එසේම මතුව ඇති තත්ත්වය හමුවේ මහින්ද මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ගෝඨාභය දන්වා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන අයෙකු බැවින් ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ විසඳාගන්න සූදානම් බවයි. සිරිසේන ජනාධිපතිවරයා ගැන විශ්වාසයෙන් ව්‍යවස්ථා විරෝධී ආකාරයට අගමැතිධුරය ලබාගත් නමුත් පාර්ලිමේන්තුව තුළ එය තහවුරු කල හැකි නම් තමන් පාර්ලිමේන්තුවේ ලැබෙන ප්‍රතිඵලය පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. 

ඒ අනුව නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය විසඳා ගැනීමේ එකඟතාව මත ගෝඨාභය මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න