පාර්ලිමේන්තු රැළියට : ලංගම බස්රථ නොමිලේ !

පාර්ලිමේන්තු රැළියට : ලංගම බස්රථ නොමිලේ !

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය පළකිරීම සඳහා අද (05) පාර්ලිමේන්තු වටරවුමේ සංවිධානය කර තිබෙන රැළිය සඳහා සෙනග ඇදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් රථ නොමිලේ ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

දේශපාලන කටයුතු වෙනුවෙන් රාජපක්ෂ පාලන සමය පුරා මේ ආකාරයට ගමනා ගමන මණ්ඩලය සතු බස්රථ යොදාගැනීම හේතුවෙන් ඒ සමයේ ලංගමය පාඩු ලබන තත්ත්වයට පත්ව තිබිණ.

එහෙත් යහපාලන සමයේ එම ප්‍රතිපත්තිය වෙනස් කළ අතර කිසියම් දේශපාලන කටයුත්තක් සඳහා බස් රථ ගැනීමේදී ඊට නියමිත ගාස්තු ගෙවීම අනිවාර්ය කර තිබිණ.

කෙසේ වුවත් දිවයින පුරා පිහිටි ගමනා ගමන මණ්ඩල ඩිපෝ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පැමිණ බස්රථ ඉවතට ගෙන ගිය බවත් ඒ වෙනුවෙන් කිසිඳු ගෙවීමක් තබා බස්රථ නිකුත් කිරීමට අදාළ සටහන් පවා හරිහැටි තැබීමට අවස්ථාවක් නොලැබුණ බවය.

45391941 1967782210181832 8382184519926546432 n

45442043 10217918864432942 9028760909689913344 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න