කුමන්ත්‍රණ ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් අල්ලස් චෝදනා ! 

කුමන්ත්‍රණ ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් අල්ලස් චෝදනා ! 

පාර්ලිමේන්තුව  වාරාවසාන කර මන්ත්‍රීවරුන්ට අල්ලස් දී රාජපක්ෂගේ බහුතරය හදන සිරිසේන - රාජපක්ෂ  හවුල් කුමන්ත්‍රණ ආණ්ඩුව සම්බන්ධව මේ වන විට  ලෝකයම අවධානය යොමුව ඇත.

ලංකාවේ රාජ්‍ය මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය බහුතරයක් මේ අවකල් ක්‍රියාව ගැන වාර්තා නොකරන පසුබිමක විදෙස් මාධ්‍ය දිගට හරහට  ‍මේ නිරුවත් කළ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වාර්තා කරමින් සිටියි.

මේ සටනේ පළමු පෙළේ සිටින අල් ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදී  මැති ඇමතිවරුන් බිලි බා ගැනීමේ කුරුමාණම ගැන අපූරුවට විස්තර කරයි. 

පාර්ලිමේන්තුව රැස් නොකර රාජපක්ෂට අගමැතිකම ගන්න සිරිසේන මැති ඇමතිවරුන් අල්ලස් දී බිලි බා ගනියි යනුවෙන් සඳහන් කර තිබේ. 

මේ අතර ජනාධිපතිගේ පාර්ලිමේන්තු කැඳවීමේ ගැසට් නිවේදනය පිළිබඳ සඳහන් කරන එම පුවත් සේවය පවසන්නේ පාර්ලිමේන්තුව විවෘත කිරීම තවත් දින 10කට කල් යාම මේ ප්‍රශ්නය තව තවත් උග්‍ර අතට පත් වන බවයි. 

මේ වනවිටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ බටහිර රටවල් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.  

ජාත්‍යන්තර ආරවුල් සම්බන්ධ සමූහයේ (International Crisis Group)නිරීක්ෂකයෙක් වන ඇලන් කීනන් පවසන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මැදහත්වීමක් අවශ්‍ය බවයි. එක්සත් ජනපදය, ඉන්දියාව හා අනෙක් රාජ්‍යයන් මේ තත්වය සමනය කිරීම සඳහා මැදිහත් වීමේ වැදගත්කම ඔහු පෙන්වා දී තිබේ.  සිය අගමැති ධුරය තහවුරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු පවසයි.      

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න

Sri Lanka's new PM faces bribery accusations

Sri Lankan president orders Parliament to reconvene November 14

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න