කුමන්ත්‍රණ ආණ්ඩුව මේ වන විට ෆැසිස්ට් ආඥාදායකත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇති බව දේශපාලන විචාරක මතය වී තිබේ.
ඊට නිදර්ශන ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව සඳහා සභානායකවරයෙක් කියා ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පත්කර ගැනීමය.
විචාරක අදහස අනුව මෙය කිසිසේත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදුකර ඇති පත්වීමක් නොවන අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිගේ නිවසේ සිට අරගෙන තිබෙන තීරණයකි.
කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් එක ගැසට් නිවේදන හරහා 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය තහවුරු කරගත් අගමැතිවරයාවූ රනිල් වික්‍රමසිංහ ඉවත්කළ ජනාධිපති සිරිසේන නව අගමැතිවරයෙක් කුමන්ත්‍රණ ආණ්ඩුව සඳහා පත් කළේද ඒ ආකාරයටම බව පෙන්වාදෙන දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ මේ අත්තනෝමතික ආණ්ඩු කුමන්ත්‍රණය පරාජය කිරීම පාර්ලිමේන්තුව තුළට සීමා නොකළ යුතු බවය.
ඒ වෙනුවෙන් වන පුළුල් සමාජ සංවාදයක් ඇතිකළ යුතු බවත් විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට උනන්දු නොවීම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් වූ ප්‍රබෝධය නැතිවීමට ඉඩ හැරීම මේ වන විට එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව සමස්ත සමාජයටම පාරාවළල්ලක් බවට පත්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

