දීගේ පටන් ගත්තා විතරයි :  සිරිසේන - මහින්ද තරගෙට මුහුණු ගලවයි !

දීගේ පටන් ගත්තා විතරයි :  සිරිසේන - මහින්ද තරගෙට මුහුණු ගලවයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිඳු ප්‍රචාරක කටයුත්තක් සඳහා ජනාධිපති සිරිසේනගේ රුව ඇතුළත් නොකරන ලෙසත් ඒ වෙනුවට රාජපක්ෂ පවුලේ ජායාරූප පමණක් යොදාගන්නා ලෙසත් එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විටත් මහින්ද - සිරිසේන රුව ඇතුළත් ප්‍රචාරක පෝස්ටර්, පුවරු ඇතුළු සියල්ල වෙනස් කරන්නට කටයුතු කර ඇත.

පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අවශ්‍ය 113 ක මන්ත්‍රීවරුන් ප්‍රමාණය මුදල්දී පවා ලබා ගැනීමට නොහැකිවීම හමුවේ ජනාධිපතිවරයා සිය ස්ථාවරය වෙනස් කිරීමට තීරණය කර ඇති බවට රාජපක්ෂලාට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇති අතර මෙම තීන්දුව ගෙන තිබෙන්නේ ද ඒ අනුවය.

එසේම මේ වන විට ජනාධිපති සිරිසේනගේ පාර්ශවයද හිටපු ජනාධිපතිගේ රුව ඇතුළත් විශාල ප්‍රමාණයේ පුවරු වහාම ක්‍රියාත්මක වන ලෙස ඉවත් කරන්නට නියෝග නිකුත් කර ඇති බවද දැනගන්නට ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉක්මවා යන ආකාරයට කිසිඳු රාජපක්ෂවරයෙකුට අවස්ථාව ලබා නොදිය යුතු බවට ජනාධිපති සිරිසේන පාර්ශවය තීරණයක් ගෙන ඇති අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ  ජනමාධ්‍ය අමාත්‍යංශය ට අදාළ කැබිනට් අමාත්‍යධුරය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලබා නොදී ඔහුව රාජ්‍ය අමාත්‍ය ධුරයට සීමා කරන්නට කටයුතු කර ඇත්තේද ඒ අනුවය.

45442043 10217918864432942 9028760909689913344 n

45387814 438248600039988 7666201866681712640 n

2018 11 05 08.36.48

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න