කුමන්ත්‍රණ ආණ්ඩුවට මුස්ලීම් මැති ඇමතිලා උස්සන්න ගිය "වල්ලපට්ට මව්ලානා" මාට්ටු !

කුමන්ත්‍රණ ආණ්ඩුවට මුස්ලීම් මැති ඇමතිලා උස්සන්න ගිය "වල්ලපට්ට මව්ලානා" මාට්ටු !

රාජපක්ෂ පාලන සමය තුළ මෙරට සිදුවූ වල්ලපට්ට ජාවාරමේ කුප්‍රකටම ජාවාරම්කරුවා ලෙස හඳුන්වන "වල්ලපට්ට මව්ලානා" නැමැත්තා මේ වන විටත් මුස්ලීම් පක්ෂ සතු මැති ඇමතිවරුන්ගේ සහය කුමන්ත්‍රණ ආණ්ඩුවට ලබා ගැනීම සඳහා "ඩීල්" දමමින් සිටින බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය දින කිහිපයකදීම මෙම  "වල්ලපට්ට මව්ලානා" නැමැත්තා මහින්ද රාජපක්ෂ  හමුවී මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සඳහා උපදෙස් ලබාගෙන ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජපක්ෂ සමයේ වල්ලපට්ට ජාවාරම සිදුකිරීම වෙනුවෙන් ලබාදුන් සහයට කෘතගුණ සැළකීමක් ලෙස මේ මන්ත්‍රීවරුන් ඩීල් දැමීමේ කාර්යයට මොහු එක්ව තිබේ. 

එසේම තමන්ට කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්කල හැකි මුස්ලීම් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධව මේ පුද්ගලයා රාජපක්ෂ පාර්ශවයට දන්වා ඇත.  එසේම මේ සඳහා තමන්ට ඇති සම්බන්ධතා භාවිතා කර මැදපෙරදිග සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ සහය ගැනීමේ හැකියාව ඇති බවද ඔහු රාජපක්ෂ පාර්ශවයට දන්වා ඇත.

රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන අමාත්‍යවරුන් ඇතුළු ඔවුන්ගේ මන්ත්‍රී කණ්ඩායම් කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්වන බවට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා පුවත් පළකරවා ගන්නට රාජපක්ෂ පාර්ශවයද කටයුතු කර තිබෙන්නේද   "වල්ලපට්ට මව්ලානා"  ට   සහයක් ලබාදීම වෙනුවෙන්ය.

එසේම මේ තැනැත්තා සම්බන්ධව රාජපක්ෂවරුන්ට දැඩි විශ්වාසයක් ඇති බවත් පසුගිය මැතිවරණ ගණනාවකදී මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු සඳහා ද මොහු මුල්‍ය ආධාර ලබාදී ඇති බවත් අප ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවත් මේ ජාවාරම්කරුවා සිය මන්ත්‍රීවරුන් කුමන්ත්‍රණ ආණ්ඩුවට මිලදී ගැනීමේ පහත් උත්සාහයක නිරත වන බව රිෂාඩ් සහ හකීම් අමාත්‍යවරුන්ට දැනගන්නට ලැබී ඇති බවද වාර්තා වෙයි. එහිදී ඔවුන් මැදිහත්ව අදාළ පාර්ශවය සමඟ සම්බන්ධ නොවන ලෙස මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න