සිරිසේනගේ පක්ෂ නායක හමුවට කරූ නොයයි : අත්සන් 113ක් සමග රනිල් යයි

සිරිසේනගේ පක්ෂ නායක හමුවට කරූ නොයයි : අත්සන් 113ක් සමග රනිල් යයි

ජනාධිපති සිරිසේන විසින් අද (18) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ කැදවා තිබෙන සර්ව පාක්ෂික නායක හමුව සදහා   කතානායක කරූ ජයසූරිය සහභාගී නොවන බව වාර්තා වෙයි.

කතානායක කාර්‍යාල ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ කරූ ජයසූරිය කතානායකවරයා මේ පිළිබඳ ජනාධිපති සිරිසේනව දැනුවත් කර ඇති බවය.

වැඩිදුරටත් ලැබී ඇති තොරතුරුවලට අනූව ජනාධිපති කැදවන සර්ව පාක්ෂික නායක හමුව කතානායක ධුරයට සිදුකිරීමට කාර්‍යයක් නොමැති බව කතානායකවරයාගේ ස්ථාවරය වී තිබේ.

එසේම තමන් පාර්ලිමේන්තුව තුළ එහි කටයුතු ව්‍යවස්ථාපිතව සිදුකර ඇති බවත් ඊට අදාල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිල වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවද  කතානායකවරයාගේ ස්ථාවරය වී තිබේ.

රනිල් සර්ව පාක්ෂික නායක හමුවට

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ආරංචි මාර්ග සදහන් කරන්නේ අද පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුව සදහා තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගී වන බවය. එහිදී මන්ත්‍රීවරුන් 113ක අත්සන් සහිත පාර්ලිමේන්තු බහුතරය තහවුරු කරන ලියවිල්ලක් ද  ජනාධිපති සිරිසේට ඉදිරිපත් කිරීමට නියමිත බවත් දැනගන්න ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න