ශ්‍රීලනිප වෘත්තීය සමිති ඉවරෙටම ඉවරයි : ශ්‍රීලනිප මහලේකම් ජනපතිට දන්වයි !

 ශ්‍රීලනිප වෘත්තීය සමිති ඉවරෙටම ඉවරයි : ශ්‍රීලනිප මහලේකම් ජනපතිට දන්වයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කටයුතු භාරව සිටින ගාමිණී ලොකුගේ විසින් සියළුම රාජ්‍ය ආයතනවල තිබෙන ශ්‍රීලනිප වෘත්තීය සමිති වෙත බැන තර්ජනය කිරීම් ඇතුළු  දැඩිව බලපෑම් කරන බවට  පැමිණිල්ලක් ජනාධිපති සිරිසේනට ලැබී ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස විසින් මෙම පැමිණිල්ල ජනාධිපතිවරයාට සිදුකර ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඊයේ (17)  ජනාධිපතිවරයා හමුව ඇත. එහිදී   ශ්‍රීලනිප මහ ලේකම්වරයා පවසා ඇත්තේ වහාම ගාමිණි ලොකුගේ විසින් ශ්‍රීලනිප වෘත්තීය සමිති සඳහා සිදුකරන බලපෑම් නවතාලිය යුතුව ඇති බවයි. එසේ නොවුණ හොත් ශ්‍රීලනිප වෘත්තීය සමිති නැත්තටම නැතිව යාමේ අවධානමක් ඇති බවද මහලේකම් පියදාස ජනාධිපති සිරිසේනට පවසා ඇත.

එහිදී ශ්‍රීලනිප වෘත්තීය සමිති ගණනාවක්ම පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධකරගත් බවත් මේ වන විට ඉතිරිව තිබෙන අනෙක් වෘත්තීය සමිති සාමාජිකයන්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන ලෙස බලපෑම් කරමින් සිටින බව කරුණු සහිතව මහලේකම්වරයා පෙන්වාදී තිබේ. 

ශ්‍රීලනිප වෘත්තීය සමිති ශක්තිමත්ව පැවති  ශ්‍රී ලංකා වරාය, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතන රැසක  වෘත්තීය සමිති ක්‍රියාකාරීන් රැසක් පොදුජන පෙරමුණට සම්බන්ධ කරගෙන ඇති බව, එසේ සම්බන්ධවීම ප්‍රතික්ෂේප කළ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට බැන තර්ජය කිරීම් ගණනාවක් සම්බන්ධව පැමිණිලි ලේඛනයක් ද ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට මහලේකම්වරයාකටයුතු කර ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න