සර්ව පාක්ෂික සමුළුව තීරණාත්මකයි : බහුතරයට අගමැතිකම දෙන්න සිරිසේන එකඟ වෙයි !

සර්ව පාක්ෂික සමුළුව තීරණාත්මකයි : බහුතරයට අගමැතිකම දෙන්න සිරිසේන එකඟ වෙයි !

පාර්ලිමේන්තු බහුතරය පෙන්වන පාර්ශවය සඳහා අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට එකඟවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අද (18) ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවේදී ජනාධිපති සිරිසේන මේ බව දැනුම්දීමට නියමිත බවත් දැනගන්නට ඇත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රටේ පවතින දේශපාලන, ආර්ථික  අස්ථාවරත්වය සහ දිගින් දිගටම එළවන ජාත්‍යන්තර බලපෑම හේතුවෙන් ජනාධිපති සිරිසේන අදාළ  තීරණය ගෙන තිබේ.

මහින්දගේ පැය 24 අවසන් !

 කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂට සිය පාර්ලිමේන්තු බහුතරය පෙන්වීම සඳහා පැය 24ක කාලයක් ලබාදීමට පසුගියදා ජනාධිපති සිරිසේන කටයුතු කළ අතර මේ වන විට එම කාලය අවසන්ව ඇත. 

ඊයේ (17) දිනය පුරා රාජපක්ෂ පාර්ශවය එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ වෙනත් පක්ෂ නියෝජිතයන් අමතමින්   කෝටි ගණන් මුදල් සහ වරදාන සඳහන් කරමින් ඔවුන්ගේ සහය කුමන්ත්‍රණ ආණ්ඩුවේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලබා ගන්නට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

ඒ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරද සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් අනාවරණය කළ අතර එක්සත් ජාතික පෙරමුණ මෙන්ම ඒ නියෝජනය කරන වෙනත් පක්ෂ නායකයන්ද තහවුරු කරනු ලැබිණ.

එසේම අද (18) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය පළකරන අත්සන් ලේඛනයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ නායකයින් තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.

ප්‍රශ්නය පැය 24 න් විසඳනවා : ඉස්සරහට මම ස්වාධීනව ඉන්නවා -  සිරිසේන 

එසේම වැඩිදුරටත් වාර්තා වන්නේ  ඊයේ (17) ජනාධිපති සිරිසේන සහ  අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර  පැවති හමුවේදී රටේ  දැනට මතුව තිබෙන දේශපාලන අර්බුදය ඉදිරි පැය 24 තුළ විසඳන්න තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් හමුවේ අවධාරණය කළ බවය. 

තවද තමන් ඉදිරියේදී කිසිඳු පක්ෂයක් සමඟ සම්බන්ධ නොවී ස්වාධීනව සිටින බවත් රජයේ කටයුතු සාර්ථකව කරගෙන යාමට සියළු නිලධාරීන්ගේ සහය අපේක්ෂා කරන බවත් ජනාධිපති සිරිසේන නිලධාරීන්ට පවසා ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න