කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස පෙනීසිටින මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ දේශපාලන කුමන්ත්‍රණයෙන් බලය අල්ලාගෙන සිටින වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස ක්වෝවොරන්ට් රිට් ආඥාවක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව අද සවස 3.00 ට ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොණු කර ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) කැඳවු අතර සියලු කරුණු දැක්වීම අවසන් කරමින් එහි තීන්දුව සවස 3.00ට ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය තීන්දු කර සිටියේ ඒ අනුවය.
එසේම එම වේලාවට පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කරන බවද විනිසුරු මඩුල්ල තීන්දු කර ඇති බව දැනුම්දී ඇතැයි අධිකරණ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි.

