"මහින්ද ඉල්ලා අස්වෙන්නේ නෑ" - බැසිල් සිරිසේනගේ මූණටම කියලා !

 "මහින්ද ඉල්ලා අස්වෙන්නේ නෑ" - බැසිල් සිරිසේනගේ මූණටම කියලා !

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය එනතෙක් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිඳු අදහසක් නැති බවත් අවාසිදායක තීන්දුවක් ලැබුනහොත් ඒ වහාම ඉල්ලා අස්වීමට සුදානම් බවත් බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (02) රාත්‍රී ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

 ජනාධිපතිවරයා විසින් ඊයේ (02) කැඳවා තිබු විශේෂ සාකච්ජාවේදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව ජනාධිපති සිරිසේනට පවසා ඇති අතර  මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට නොහැකිවීමෙන් මතුව ඇති  දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිදින කිහිපයතුල දී ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා එම හමුව කැඳවා තිබූ බවද වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවේ සිරිසේන ජනාධිජනාධිපතිගේ  එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හමුවීම කල් දමමින් වන අතර   එම සාකච්ඡාව සඳහා සුසිල් ප්‍රේමජයන්ත් සහ වාසුදේව නානායක්කාර මෙන්ම තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන් ද  එක්ව සිටි බවද වාර්තා වේ.

කෙසේවුවද බැසිල් රාජපක්ෂ මහතා කල දැනුම්දීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කර නොමැති ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ශ්‍රීලනිපය අතහැර 'පොහොට්ටු' පක්ෂයට එක්වීම ගැන කනස්සල්ල පළකර ඇති බවත් දැනගන්නට ඇත.

එම සිද්ධියෙන් පසු දුමින්ද - අමරවීර කණ්ඩායමෙන් තමන්ට එල්ලවී ඇති බලපෑම් උත්සන්න වී ඇති බවත් එම තත්වය යටතේ ශ්‍රීලනිප පාක්ෂිකයින් වෙනුවෙන් පැහැදිලි තීරණයක් ගැනීමට සිදුව ඇති බවත් ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ වෙත පවසා ඇති බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න