කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි : ක්වෝවොරන්ට් රිට් ආඥා පෙත්සම අද විභාගයට !

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි : ක්වෝවොරන්ට් රිට් ආඥා පෙත්සම අද විභාගයට !

නොවැම්බර් 14 සහ 16 පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව තවදුරටත් අගමැති යයි කියා ගන්නා මහින්ද රාජපක්ෂට සහ ඇමැතිවරුන් යයි කියා ගන්නා කැබිනට්ටුවට තනතුරු දරන්නේ බලහත්කාරයෙන් බැවින් ඔවුන්ගේ පත්වීම් බලරහිත කරමින් ක්වෝවොරන්ට් රිට් ආඥාවක් ඉල්ලා මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් ගොනු කර ඇති පෙත්සම අද (03) දෙවන වරට අභියාචනාධිකරණයේ විභාග වේ. 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගවන මේ නඩුවේ තීන්දුව බොහෝ විට අද දිනයේ ප්‍රකාශයට පත් කරනු ඇතැයිද  දැනගන්නට ඇත.
 
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොවැම්බර් 9 වෙනිදා ගැසට්ටුවක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඇති සහ දැනට එම ගැසට්ටුව අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති පෙත්සම් විභාගය දෙසැ 4,5,6, දිනයන්හි සිදුකර දෙසැ 7 වෙනිදා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
 
ඒ සම්බන්ධව තමන්ට වාසිදායක තීන්දුවක් ගැනීමට කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන් උත්සාහ දරමින් සිටින බවද වාර්තා වෙයි. ඒ හේතුවෙන් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් පෙත්සම් විභාගයට සිටින විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් බලපෑම් කර ඇති අතර ඒ හේතුවෙන් එම විනිසුරුවරුන් සිය දුරකථන පවා මේ වන විට විසංධි කරගෙන සිටින බවද දැනගන්නට ඇත.
 
එසේම දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ඊයේ (02) කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස පෙනී සිටින මහින්ද ජාතිය අමතා සිදුකල ප්‍රකාශයද ජනතාවට සිදුකල එකක් නොව අධිකරණ ක්‍රියාමාර්ගයට බලපෑම් කිරීමේ අපේක්ෂාවෙන් සිදුකර ඇත්තක් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න