Image

මහින්ද යනකොට ගෝඨා එයි : සිරිසේනත් කැමතියි !

මහින්ද යනකොට ගෝඨා එයි : සිරිසේනත් කැමතියි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව තරග කිරීමටත් අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමටත් තීරණය වී ඇති බව සති අග අරුණ වාර්තා කරයි.

එසේම ජනාධිපති සිරිසේන ඊට එකඟව ඇති බව මෙන්ම ජනාධිපති සිරිසේන මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බවද එහි සඳහන්ව ඇත.

මේ සම්බන්ධව කුමන්ත්‍රණ ආණ්ඩුවට පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී ජනාධිපතිවරයා පවසා ඇති බවත් එහි දැක්වේ.

ගෝඨා උස්සන ප්‍රොජෙක්ට් එකක් !

එසේම කුමන්ත්‍රණ ආණ්ඩුව පරාජයවී මහින්ද රාජපක්ෂ ට දේශපාලනිකව පල්ලම් බැසීමට සිදුවෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් විසින් ඔහුව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කිරීමට පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකර ඇති බවද වාර්තා වන අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරකු වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීර, මිලින්ද රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු ඊට සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් සිටින බවද දැනගන්නට ඇත.
        
සති අග අරුණ පුවත්පත    ''ගෝඨා එනවට මෛත්‍රී කැමතියි '' එහි ප්‍රධාන ශිර්ෂ පාඨයෙන් යුතුව පළකර ඇත්තේද එහි තවත් පියවරක් ලෙස බවත් වාර්තා වෙයි.

48281236 316526688952946 7038220177049124864 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න