Image

ව්‍යවස්ථාව කැඩූ සිරිසේන ඉල්ලා අස්විය යුතුයි : වෙල්ගම අවධාරණය කරයි

 ව්‍යවස්ථාව කැඩූ  සිරිසේන ඉල්ලා අස්විය යුතුයි : වෙල්ගම අවධාරණය කරයි
ජනාධිපති සිරිසේන වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි.
 
ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව හොඳින්ම පැහැදිලි බවත් ඒ අනුව ඔහුට සිය ධුරය දැරීමට කිසිදු අයිතියක් නැති බවත් වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කරයි.
 
දි අයිලන්ඩ් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් මන්ත්‍රීවරයා  කියා සිටින්නේ  ආඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංගනය කළ පුද්ගලයෙක් ලෙස රටේ විවිධ අර්බුද මතු කළ ජනාධිපතිවරයාව  ඕනෑම මොහොතක දෝෂාභියෝගයකට භාජනය කළ හැකි බවයි. සිරිසේන ජනාධිපතිවරයාට දැන් සිය ධුරයට සමුදීමට කාලය එළඹ ඇති බව පැවසූ වෙල්ගම මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ ජනාධීපතිවරයා සිය  ධුරයේ රැඳී සිටීමෙන් රටේ ජනාධිපති ධුරය ද අපකීර්තියට ලක් වන බවයි. එය ජාත්‍යන්තර වශයෙන් මෙරටට තිබෙන පිළිගැනීමටද බලපාන බව මන්ත්‍රීවරයා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න