නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශයේ ඇති වත්කම්. (අවශ්‍ය නම් මැතිවරණ කොමිසමෙන් මීට අදාළ වත්කම් ප්‍රකාශනය ලබාගත හැකියි.
(01) පාර්ලිමේන්තු මාසික වැටුප 54, 255 + දීමනා සමග ලක්ෂ 04 ක් පමණ.
(02) බිරිඳට සහ දරුවන්ට ලංකා බැංකුව, පෑන් ඒෂියා බැංකුව, සෙලාන් බැංකුව, මහජන බැංකුව යන ගිණුම් පවතී. (එම ගිණුම්වල ඇති වත්කම් ප්‍රමාණය සඳහන් කර නැත)
(03) 2024 අගෝස්තු වනවිට නාමල් රාජපක්ෂ ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් මිලියන 63 කි. ඒ වර්ෂ 2017 , 2018 , 2019 වර්ෂවල දී.
(04) නාමල් බිරිඳ ලිමිණි රාජපක්ෂ සතුව "ලින්ක් හෝල්ඩීන්ස් පුද්ගලික" සමාගම සහ "වෙයාර් හවුස් අයි. එන්.ටී." සමාගම රුපියල් මිලියනයක කොටස් හිමිකම
(05) නාමල් රාජපක්ෂ 2020 සිට "ගවර්ස් කෝපරේට් සර්විසස්" පුද්ගලිත සමාගමේ ආයෝජනය රුපියල් මිලියන 38 යි.
(06) 2024 සැප්තැම්බර් වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දෙන අවස්ථාවේ නාමල් රාජපක්ෂ අත ඇති මුදල රුපියල් මිලියන 31.2 යි.
(07) නාමල් රාජපක්ෂ සතු ස්වර්ණාභරණ ප්‍රමාණය රුපියල් මිලියන 14.2 යි. නොකැපූ මැණික්වල වටිනාකම රුපියල් මිලියන 14.2 යි.
(08) ලිමිණි රාජපක්ෂට මව්පියන් ගෙන් විවාහ තෑගි ලෙස ලැබී ඇති ස්වර්ණාභරණ (මාල, මුදු , තැල්ල , දියමන්ති , ඔරලෝසු ආසන්න වටිනාකම රුපියල් මිලියන 138 යි.
(09) නාමල් රාජපක්ෂට අයත් වාහන 2 ක්: 1. ඩේව් මෝටර් රථය 2. ටොයෝටා ලෑන්ඩ්කෲෂර් රථය.
(10) ලිමිණි රාජපක්ෂට වාහන 03 ක්. 1. බේන්ස් රථයක් 2. ප්‍රාඩෝ ජීප් රථයක් 3. ඩිෆෙන්ඩර් රථයක්
(11) නාමල් රාජපක්ෂට මව්පියන් ගෙන් ලැබුණු මිරිහානේ ඉඩමක් තමන් මිලදී ගත් තිස්සමහාරාමයේ ඉඩමක් සහ වීරකැටියේ ඉඩම් දෙකක්.
(12) ලිමිණි රාජපක්ෂ විවාහයේ දෑවැද්ද ලෙස ලැබුණු සියයට පනහක අයිතිය ඇති එල්. එස්.ආර්. හෝටල් පුද්ගලික සමාගමට අයත් මීගමුවේ කාමර 50 ක "කැටමරන් බීච් හෝටලය සහ කාමර 13 කින් යුත් බෙන්තර "ද මරීනා හෝටලය , අක්කර 13 ක මිශ්‍ර කෘෂි භෝග සහිත ඉඩම , නිවාස කුටි ඒකක 26 කින් යුත් රන්ගිරි දඹුලු රිසෝට් දේපළ , "ලෙෂර්ස් ස්පෝර්ට්ස් රික්ක්‍රියේෂන් පුද්ගලික සමාගම යටතේ කාමර 30 කින් යුත් "මරීනා" හෝටලය , අක්කර 02 කින් යුත් ඉඩම , පාසිකුඩා හී අක්කර 50 ක " පාසිවිලා" හෝටලය , එහිම තවත් අක්කර 04 ක ඉඩම. " ඇක්වා ස්පෝර්ට්ස් රෙෂන්" යටත් ජල ක්‍රීඩා මධ්‍යස්ථාන 03 ක් , කළුතර, බෙන්තොට, පාසිකුඩා. " ලංකා ස්පෝර්ට්ස්" අක්කර 18 ක මිශ්‍ර භෝග වගා සහිත නිවාස ඒකක 18 ක් , ඌව කුඩාඔය. කටුනායක අක්කර 80 ඉඩමක්. තවත් පර්චස් 24 ක ඉඩමක් කළුබෝවිල.
(13) නාමල් රාජපක්ෂගේ ණය:
" හෙලිකෝප්" සමාගමේ එච්. එල්. හෙට්ටිආරච්චි ගෙන් 2011 දී ලබාගත් රුපියල් මිලියන 08 ක් සහ රුපියල් මිලියන 47.5 ක ණය මුදලක් ලබාගෙන ඇත. වත්කම් ප්‍රකාශිත දිනය වනවිට එම ණය මුදල එසේම පවතී. 2021 දී ලංකා බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල රුපියල් මිලියන 10 කි. වත්කම් ප්‍රකාශිත දිනය වනවිට එම ණය මුදල රුපියල් මිලියන 3.6 ට අඩුවී තිබේ.
(14) ලිමිණි රාජපක්ෂගේ ණය:
ක්‍රෙඩිට් කාඩ් ණය මිලියන 8.5 "ලින්ක්ස් හෝල්ඩීන්ස්" සමාගමෙන් බා ගෙන ඇති ණය මුදල රුපියල් මිලියන 12.6 කි.

සටහන - පෝද්දල ජයන්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
