මරණිය දණ්ඩනය නියමු රැදවියන් 1299 ක් බන්ධනාගාර ඇතුලේ !

මරණිය දණ්ඩනය නියමු රැදවියන් 1299 ක් බන්ධනාගාර ඇතුලේ !

2018 වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට ස්ථිර වශයෙන්ම මරණිය දණ්ඩනය නියමු රැදවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැදවියන් 1299 දෙනෙකු මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සදහන් කළේ ඒ අතර පිරිමි පුද්ගලයින් 1215 දෙනෙකු හා කාන්තාවන් 84 දෙනෙකු සිටින බවයි.

එම රැදවියන් 1299 අතරින් , පිරිමි රැදවියන් 789 දෙනෙකු හා කාන්තා රැදවියන් 34 දෙනෙකු තමන්ට නියම කර ඇති මරණ දඩුවම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇත.

ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම කර ඇති රැදවියන් 476 දෙනෙකු සිටින බවත් ඒ අතර පිරිමි පුද්ගලයින් 426 දෙනෙකු හා කාන්තාවන් 50 දෙනෙකු සිටින බවත් අමාත්‍යාංශය සදහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න