පාසල් පෙළ පොත් මුද්‍රණයට භාර ගත් රජයේ මුද්‍රණාලය හා පෞද්ගලික මුද්‍රණ හිමිකරුවන් නිසි වේලාවට මුද්‍රණ කටයුතු අවසන් නොකිරීමෙන් පෙළ පොත් ලක්ෂ 11ක හිඟයක් මතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය පාසල් වාරය අවසානවීමට පෙර සමහර විෂයන්ට අදාළ නව පෙළ පොත් සිසුන් අතට පත් කිරීමට නොහැකි වූයේද මේ හේතුව නිසා බව සඳහන් කරන අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මුද්‍රණ කටයුතු ප්‍රමාද කළ රජයේ මුද්‍රණාලය ඇතුළු මුද්‍රණ ආයතනවලින් දඩ මුදල් අය කර ගැනීමට පියවර ගන්නා බව ය.
එසේම සිසුන්ට අවශ්‍ය හිඟව පවතින පෙළ පොත් ඉදිරි සතිය ඇතුළත ඔවුන්ට ලබා දීමට කටයුතු යොදා ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
