බැඳුම්කර වාර්තාව ගැන ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශය අද

බැඳුම්කර වාර්තාව ගැන ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශය අද

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ එහි

නිර්දේශ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (03) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය අද දහවල් සිදුකිරීමට අපේක්ෂිතය.

බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පසුගිය 30 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබූ අතර ඒ, එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් ය.

ජනාධිපතිවරයා පත් කරන ලද මෙම ත්‍රිපුද්ගල කොමිසම මගින් 2015 පෙබරවාරි 01 වන දා සිට 2016 මාර්තු 31 දක්වා වූ බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරනු ලැබූ අතර කොමිසමේ සෙසු සාමාජිකයින් වූයේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න