ඇමැති පියසේන ගමගේ නාගොඩ පොලීසියේදී යකා නටයි

   ඇමැති පියසේන ගමගේ නාගොඩ පොලීසියේදී යකා නටයි

නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ ජනවාරි පළමුවැනිදා ගාල්ල නාගොඩ පොලීසියේදී ලජ්ජා විරහිත ආකාරයෙන් හැසිරී යහපාලන මුලධර්ම අමුඅමුවේ උල්ලංඝණය කර ඇතැයි වාර්තා වෙයි.

නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ හැසිරී ඇත්තේ හිස් ආවරණ නොමැතිව යතුරු පැදි ධාවනයේ නිරත අමාත්‍යවරයාගේ ආධාරකරුවන් කිහිපදෙනෙකුට දඩ කොළ ලබාදීමට නාගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කටයුතු කිරීම නිසාය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එම සිදුවීම මෙසේය. පසුගිය පළමුවැනිදා පස්වරුවේ රාජ්‍ය අමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවයක් නාගොඩ ප්‍රදේශයේ පවත්වා ඇති අතර එම අවස්ථාවට යතුරුපැදි වලින් පැමිණි ඔහුගේ ආධාරකරුවන් කිහිපදෙනකු හිස් ආවරණ හෙවත් හෙල්මට් පැළඳ සිට නොමැත. නාගොඩ පොලිසියේ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඔවුන්ට දඩ කොළ ලබාදීමට කටයුතු කර ඇත්තේ ඒ අවස්ථාවේදීය.

අදාළ රැස්වීමෙන් පසු නාගොඩ පොලීසියට ගොස් ඇති රාජ්‍ය ඇමැතිවරයා අදාළ දඩ කොළ නිකුත් කළ පොලිස් නිලධාරියකුට පහර දීමට උත්සාහ දරා තිබේ. එසේම ඔවුන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී වහාම දඩ කොළ ඉවත් කරගන්නා ලෙස තර්ජනය කර ඇත.

මේ අතර පියසේන ගමගේ රාජ්‍ය ඇමැති ධුරයට පත්වීමෙන් පසු පසුගිය සිකුරාදා ඔහුගේ පුත් පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේට පොලිස් විශේෂ බලකායේ විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස නියෝගයක් ද නිකුත් කර තිබේ. නමුත් පළාත් සභා මන්ත්‍රීවරයකුට මෙසේ විශේෂ පොලිස් ආරක්ෂාවක් අවශ්‍යද, නැද්ද යන්න තීරණය කළ යුත්තේ බුද්ධි අංශ වාර්තා සහ ආරක්ෂක අංශ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසු ය. එසේ නොමැතිව මෙසේ පියා නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධුරයට පත් වූ වහාම පුතාට පොලිස් විශේෂ බලකායේ ආරක්ෂාව ලබාදීම කළ නොහැක්කකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න