ජනාධිපති බැඳුම්කර කොමිසමේ නිර්දේශ මෙන්න

ජනාධිපති බැඳුම්කර කොමිසමේ නිර්දේශ මෙන්න

බිලියන 11 පාඩුවක්

අර්ජුන් බලය අයුතු ලෙස යොදලා

අගමැතිටත් වගකීමක් 

රවීට එරෙහිව අල්ලස් කොමිසමේ පරීක්ෂණයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්බන්ධව කිහිපයක් newstube.lk වෙත අනාවරණය වී ඇත.

අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා සිදුකිරීමට නියමිත ප්‍රකාශයේද මේ නිර්දේශ සඳහන්ව තිබේ.

ඒ අනුව ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හරහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් බිලියන 11ක් අයතා ලෙස උපයාගෙන ඇති බව, එම22a978a41b1a53abb37685d29cc21d84 XL සමාගමට අදාළ බිලියන 11 අයතා ලෙස උපයාගැනීම වෙනුවෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා සිය බලය යුතු ලෙස යොදවා දායකවී ඇති බව, එවැනි අයෙකු රටේ මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධව අගමැතිවරයාටද වගකීමක් ඇති බව සහ රජයට සිදුව ඇති රුපියල් බිලියන 11 පාඩුව අදාළ වගකිවයුතු පාර්ශව හරහා නැවත අයකර ගැනීම යන නිර්දේශ එහි ඇතුලත්ව ඇත.

එසේම හිටපු අමාත්‍ය රවී කරුණානායක බැඳුම්කර ගනුදෙනුවේ චෝදනා ලබා සිටිනවාත් සමගම ඒ හරහා සම්බන්ධතා පවත්වමින් එහි හිමිකරුවන් වෙතින් සුඛෝපභෝගී නිවසක් ලබාගැනීම සම්බන්ධව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හරහා වෙනම පරීක්ෂණයක් සිදුකල යුතු බවටද බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ අතර වන බවද වාර්තා වී ඇත.

එම කොමිසමේ නිර්දේශ පිළිබඳව ජනාධිපතිවරයා සිදුකරන විශේෂ ප්‍රකාශය අද(3) දහවල් පටිගත කර ඇති බවත් එය සවස් වන විට මෙරට සියළු මාධ්‍ය වෙත ලැබීමට සලස්සවන බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න