එජාපෙ අපේක්ෂාව ජනාධිපතිවරණයක් - අකිල

එජාපෙ අපේක්ෂාව ජනාධිපතිවරණයක් - අකිල

ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ බොහෝ දුරට ජනාධිපතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එම ජනාධිපතිවරණය තම පක්ෂය විසින් ජයග්‍රහණය කරන බවට සියයට පන්සියයක විශ්වාසයක් ඇති බව එක්සත් ජාතික පක්ෂ නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුනි.

වර්තමානයේ ඇති කකුල් මාට්ටුක වැඩපිළිවෙල වෙනුවට ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරමින් වසර දහයක ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවීමේ ශක්තිය එක්සත් ජාතික පෙරමුණට ඇති බවද අමාත්‍යවරයා එහිදි සදහන් කෙරිණි.

පුළුල් සංවිධානයකින් තරඟ වැදි එම බලය ලබා ගන්නා බවත් එය කල හැක්කේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත් අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න