මහින්දගේ තුන් බියට : පාඨලී ප්‍රතිචාර දක්වයි !

මහින්දගේ තුන් බියට : පාඨලී ප්‍රතිචාර දක්වයි !

2019 යනු රාජපක්ෂ තුන් බියෙන් රට ගලවා ගන්නා වසර බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

2015 ජනවාරි 9 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් " ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බව" පැවසු අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

අදාළ නිවේදනයේදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා තින් බිය ලෙස හැඳින්වුයේ, ආර්ථිකය කුමන හෝ මොහොතක දරුණු බිඳ වැටීමකට ලක්වීමේ අවදානම,19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා මුළු පාලන තන්ත්‍රයම බිද වැටීමේ අවධානම, ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති රට බෙදන ව්‍යවස්ථාව යන කරුණු 3 ය.

හිටපු ජනපතිවරයා සඳහන් කළ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ,

“යුධ හමුදා මූලස්ථානය විදේශයන්ට විකුණා තම සාක්කුවට මුදල් දාගත්, ගුවන් හමුදාවට මිග් යානා ගෙනවිත් විදේශ රටවල මුදල් තැන්පත් කළ, නාවික හමුදාවේ ව්‍යාපාර ඇවන්ගාඩ් සමාගමට ලබාදී කෝටි ගණනින් වංචා කළ, රටට දැරිය නොහැකි සංවර්ධන ව්‍යාපෘති සිදු කර රටම ණය උගුලක සිර කළ,

තමන්ගේ පවුලේ අය හැර වෙන කිසිවෙකුට ඉහළට ඒමට ඉඩ නොදෙන වැඩවසම් දේශපාලනයක නිරත මහින්ද, බැසිල්, ගෝඨාභය යන රාජපක්ෂ තුන් බියෙන් රට මුදා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියළු පක්ෂවලින් සැදුම් ලත් ප‍්‍රබල සන්ධානයක් මේ වසරේදී ඇති වීමට නියමිතයි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න