සිරිසේන යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා !

සිරිසේන යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී විය යුතුව තිබුණද ජනාධිපති සිරිසේන පසුගිය වසරේ ඔක්තෝම්ර් 12 දාට පසුව පාර්ලිමේන්තුවට සහභාගී වී නොමැති බව ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඊට අනුව මාස තුනකට වැඩි කාලයක් ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුවට සහභාගී නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැදී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස තුනකට වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහභාගී විය යුතුව තිබෙනවා. නමුත් එතුමා අවසන්වතාවට පාරිලිමේන්තුවට සහභාගී තිබෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 12 දා. මේ වනවිට මාස තුන ඉක්මවා තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීම් ඉටුකිරීමට බැදී සිටියත් ඒ වගකීම ඉටුකිරීමට සඳහා ඔහු මාස 03 ට වරක් සහභාගී විය යුතුව තිබුණත් ඔහු මාස තුන ඉක්මවා ගොස් තිබියදීත් පාරිලිමේන්තුවට සහභාගී වී නැති බව ඉතා හොදින් පෙන්වාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීන්දුව කුමක්ද කියා මම දැනගන්න කැමතියි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න