'චෝදනාවන්ට ලක්වූ සියළු දෙනා ඉල්ලා අස්විය යුතුයි' – ගොඩහේවා (හඬපටය)

'චෝදනාවන්ට ලක්වූ සියළු දෙනා ඉල්ලා අස්විය යුතුයි' – ගොඩහේවා (හඬපටය)

''අවුරුදු දෙකහමාරක් කොමිසමක් පත් කරලා නටපු බැදුම්කර නාට්‍යයේ අලුත් දෙයක් කියවුනේ නැහැ. ඇත්ත හොරු ආරක්ෂා කිරීමක් පමණක් සිදුවී ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඔහු පල කල අදහස් පහලින්...

අගමැති ක්ලීන් !

මේ අතර බැඳුම්කර කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳව 'බීබීසී සිංහල සේවය' සමග සිය පක්ෂයේ මතය පැහැදිලි කරමින්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය කර තිබෙන බවයි.

 කොමිසමේ නිර්දේශ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා : "දැන් බොහෝ දෙනා චෝදනා කළේ ගරු අගමැතිතුමා අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම වැරදියි කියල. කොමිසම පිළි අරන් තියෙනව පත්කිරීම නිවැරදියි, විධිමත් කියල," යනුවෙන් සඳහන් කළේය.

 බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ පූර්ණ වාර්තාව තවමත් ප්‍රකාශයට පත් වී නොමැති බැවින් සමස්ත වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි වුවත්, නීතිය සැමට සාධාරණ විය යුතු බවද ඔහු කියා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න