ජනාධිපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කළේ යැයි මා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිහඬව සිටන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රාජ්‍ය දේපළ හා සම්පත් භාවිතය සම්බන්ධව රජයේ නිලධාරීන් වගකිව යුතු බවට මාධ්‍ය හරහා පුන පුනා පවසමින් සිටීම විහිළුවක් බව මාධ්‍යවේදී කුසල් පෙරේරා සඳහන් කරයි.
2018 ජනවාරි 04 වනදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත විද්‍යුත් තැපෑල හරහා විවෘත ලිපියක් යොමුකරමින් කුසල් පෙරේරා මේ බව සඳහන් කර ඇත.
එසේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලැබෙන පැමිණිලි සම්බන්ධව ක්‍රියාමාර්ග නොගෙන ඒ වෙනුවට පැමිණිලි සඳහා විද්යුත් තැපැල් ගිණුම් දිස්ති‍්‍රක්ක අනුව ප‍්‍රකාශයට පත් කිරීම තවත් විහිළුවක් බවද එම ලිපියේ සඳහන් කර ඇත.
මැතිවරණ කොමිසම වෙත යොමුකරණ මැතිවරණ නීති උල්ලංඝණය පිළිබඳව කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් පියවර ගැනීමේදී කල් මැරීමෙන්, එවැනි උල්ලංඝණ කිරීම් සඳහා තවදුරටත් ඉඩදීමක් බවට චෝදනාවක්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එල්ල කිරීමට කුසල් පෙරේරා කටයුතු කර ඇති අතර මැතිවරණ කොමිසම ජනතා බදු මුදලින් නඩත්තු කෙරෙන්නේ ඒ සඳහා නොවන බවද සිහිපත් කරදී ඇත.
එසේම ජනාධිපතිට එරෙහිව තමන් සිදුකල පැමිණිල්ල සම්බන්ධ කිසිදු පියවරක් නොගැනීමෙන් සභාපතිවරයා මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය හා වගකීම දේශපාලන වශයෙන් පාවා දී ඇති බවටද එම ලිපියේ චෝදනා කර තිබේ.
එසේම පළාත් පාලන මැකිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනය ජනාධිපති ලේකම් කාර්යාලය යොදා ගනිමින් එළි දැක්වීම සම්බන්ධයෙන් තමන් 2017 දෙසැම්බර 28 වනදා මැතිවරණ කොමිසමට පැමිණිලි කල බව සිහිපත් කරන කුසල් පෙරේරා එහිදී ප්‍රධාන කාරණා තුනක් පිළිබඳව තමන් අවධාරණය කල බවත් ඊට අදාලව කොමිසම ගනුලැබූ සහ ගනුලබන පියවර ප්‍රසිද්ධ කරන ලෙසද එම ලිපියෙන් දැනුම්දී ඇත.
2018 ජනවාරි 04 වනදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත මාධ්‍යවේදී කුසල් පෙරේරා යැවූ ලිපිය පහත පළකර තිබේ.

