'කොමිසමට මින් එහාට බලයක් නැහැ. දැන් වගකීම නීතිපති අතේ' - ඩිව්

'කොමිසමට මින් එහාට බලයක් නැහැ. දැන් වගකීම නීතිපති අතේ' - ඩිව්

අධිකරණ බලයක් නොමැති බැඳුම්කර කොමිෂන් සභාවට මීට වඩා ඉදිරි පියවරක් ගත නොහැකි බවත්, මෙතැනින් එහාට කටයුතු කිරීමේ වගකීම පැවරෙන්නේ නීතිපතිවරයාට බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසයි.

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ඉකුත් වසර තුන තුළ විවිධ අංශවලින් කෙරුණු බලපෑම් ඔවුන්ට දඬුවම් ලැබෙන තුරු ඉදිරියට රැගෙන යා යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

'' මේ සම්බන්ධ විමර්ශන පිළිබඳ පළමුවන කෝප් කමිටුවේ කටයුතු කළ කෙනෙක් හැටියටත් මේ සඳහා කොමිෂන් සභාවක් ඉල්ලා පළමු ප්‍රකාශය කළ කෙනා හැටියටත් කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ප්‍රකාශ කළ කරුණු අගේ කොට සලකනවා'' යයි ද ගුණසේකර මහතා සඳහන් කළේය.

28b420c71d5f39a6ed6f27f307d38ea2 XL

'2008 - 2015 කාලය ගැනත් විමර්ශනය කළ යුතුයි' - කාවින්ද

මේ අතර එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා පවසන්නේ, ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනයක් සිදු කළේ යම් කිසි පක්ෂයක හෝ පුද්ගලයකුගේ ප්‍රතිරූපයට හානියක් කිරීමට නොවන බවට ඔප්පු කිරීමට නම් 2008 වසරේ සිට 2015 වසර දක්වා වූ කාලය තුළ සිදුවූ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳවද විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවෙන් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වයන් 2008 වසරේ සිට සිදුව ඇති බවට කොමිෂන් සභා වාර්තාවෙන් දක්වා තිබෙන බව පවසන මන්ත්‍රිවරයා එම වංචා දූෂණ තත්ත්වයන් පිළිබඳවද කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

මෙම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත පක්ෂය වෙනුවෙන් ස්තුතිය පළකර සිටින හෙතෙම මේ පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප මැති ඇමැතිවරුන්ගේද දැඩි අවශ්‍යතාවක්ව පැවැති බවද සඳහන් කළේය.

මේ පිළිබඳව වැරැදිකරුවන් හට නීතිය ක්‍රියාත්මක කර නිවැරැදිකරුවන් වහාම නිදහස් කළ යුතු බවද අවධාරණය කළ හෙතෙම නීතිය ඉදිරියේ වැරැදිකරුවකු වන කවරකුට වුවද දඬුවම් ලබාදීමට සූදානම් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න