මැතිවරණ නීති උල්ලංඝණය කරමින් හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනයට අනියම් පදනමින් සේවයට ගෙන සිටි කාර්ය මණ්ඩලයේ පිරිසක් වෙත ස්ථීර පත්වීම් ලබාදීම සඳහා අද (05) දින එම ආයතන පරිශ්‍රයේ පරීක්ෂණයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
මැතිවරණ සමයකදී රජයේ කිසිඳු පත්වීම් මාරුවක්, ස්ථීර කිරීමක් හෝ බඳවා ගැනීමක් තහනම් කර ඇති පසුබිමක මෙවැනි කාර්යයක් සිදුකිරීම නීති විරෝධී කටයුත්තකි.
මේ පිළිබඳ වැඩිදුර කරුණු විමසීම සඳහා අප එම ආයතනයේ ප්‍රධානියකු ඇමතීමට උත්සහ කළත් එය සාර්ථක වුයේ නැත.
මෙම ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව අදාළ විෂයභාර අමාත්‍යවරයා වන්නේ අධිනීතිඥ ලක්ෂමන් කිරිඇල්ලය. ඔහු නිකන්ම අමාත්‍යවරයෙක් නොව පාර්ලිමේන්තුවේ සභානායකවරයාද වෙයි.
සියල්ලටම වඩා ඔහු යහපාලන ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්ය. ඒ අනුව තම අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක මෙවැනි නීති උල්ලංඝණය කිරීමක් අමාත්‍යවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවුවත් වරදක් ය.

