V2025

දයාසිරි රෝහලේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත පවසන්නේ හෘදයාබාධයක් හේතුවෙන් මන්ත්‍රීවරයා අද(12) රෝහලට ඇතුලත් කල බවයි.

මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ වන විට විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

කෙසේවෙතත් මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව ඔහු සඳහන් කරයි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found