බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (13) මාතරදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදුන් නම සඳහන් කිරීමට අකමැති වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු බැසිල් රාජපක්ෂ මහතා බලයට පත්වූ පසුව කරන වැඩ ලැයිස්තුවක් අප වෙත ලබා දුනි.
එම ලයිස්තුවේ ප්‍රධාන කාරණා තුනක් පමණක් අප මෙසේ පළ කරමු .
01. බහුජාතික සමාගම් වලින් මිලදී ගන්නා බීජ ඈත ගම් දනව්වල ජනතාවට බෙදාදීම
02. මිලියන 12,000 ක් වැය කොට අධික මිලට පිටරටින් කිරි හරක් ආනයනය කිරීම මගින් සිදුකළ ආශ්චර්ය තවදුරටත් වර්ධනය කරමින් ගම් 36,000ක ගොවීන්ට ඕස්ට්‍රේලියාවෙන් ගෙනෙන කිරි ගවයා බැගින් බෙදා දීම සහ ඒ සඳහා ඔවුනට ලක්ෂ 3 බැගින් ණය ලබාදීම.
03. වැඩකට නැති සමෘධි බැංකු සහ ගොවිජන බැංකු තවදුරටත් අකර්මන්‍ය කර මහා පරිමාණ මූල්‍ය සමාගම් වලට ක්ෂේත්‍ර මූල්‍ය වෙළඳපල අත්පත් කරගැනීමට ඉඩ දී ග්‍රාමීය ජනතාව ගෞරවනීය මූල්‍ය වහලුන් බවට පත් කිරීම. එම වැඩ ලැයිස්තුව තව දීර්ග එකකි.
මෙම පුවත ලංකාලීඩ්නිව්ස් නම් වෙබ් අඩවියේ පළව තිබු අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ශවයට සහය දැක්වීමට පවත්වාගෙන යන්නක් බවද දැනගන්නට ඇත.

