යාපනය, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමෙ ව්‍යාපෘතිය ඉන්දියාව විසින් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඩොලර් මිලියන 45.27ක පිරිවැයක් යටතේ මෙම වරාය සංවර්ධනය කිරිමට නියමිතය. ඒ හා සමගාමීව අවට ප්‍රදේශ සංවර්ධනය කිරීමටද අපේක්ෂිතය.
මේ සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අමාත්‍ය සාගල රත්නායක අද (14දා) දිනයේදී කන්කසන්තුරය වරායේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වීමට නියමිතය.
මේ වන විට කන්කසන්තුරය වරායේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව හරහා සිදුකරන අතර නව ව්‍යාපෘතිය වසර තුනකින් අවසන් කිරීම හරහා එහි බහාලුම් මෙහෙයුම් කටයුතු ආරම්භ කිීරීමටද අපේක්ෂා කරයි.
මේ සම්බන්ධව සාගල රත්නායක තබා ඇති ට්වීටර් සටහන පහත දැක්වේ.

