මාධ්‍ය හමුවේ අවලාද නොනඟා තම අමාත්‍යංශයට විත් සත්‍ය සොයා බලන ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනට අභියෝග කර සිටියේය.
ඒ මාධ්‍ය හමුවකදී රවී කරුණානායක අමාත්‍යවරයාගේ අමාත්‍යංශය සම්බන්ධව සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
රුපියල් 2000 කින් පවුලක් ජීවත් කරවිය හැකි බව පැවසු බන්දුල ජනතාව නොමග යවමින් බොරු සංඛ්‍යා ලේඛන කියවමින් සිටින බවත් තැන තැන කියවන්නේ නැතිව අමාත්‍යංශයට පැමිණ ඔය කියන කතාවල ඇත්ත නැත්ත පෙන්වා දෙන ලෙසද අමාත්‍යවරයා සඳහන් කරයි.
රවී කරුණානායක අමාත්‍යවරයාගේ අභියෝගයට අදාළ වීඩියෝව පහත දැක්වේ.

